වසර 18,000ක් පැරණි සුනඛ ෆොසිලයක් සයිබීරියාවෙන්...
අදින් වසර 18,000කට පමණ පෙරාතුව මිහිමත වාසය කළ බවට සැලකෙන බලු පැටවකුගේ ෆොසිලයක් සයිබීරියාවෙන් හමුවී ඇතැයි පසුගියදා විදෙස් මාධ්‍ය හරහා අනාවරණය කෙරිණි. දැනට මාස 18කට පමණ පෙරාතුව සයිබීරියාවේ නැගෙනහිර පළාතේ ඈත කෙළවරට වන්නට අඩක් දිරා ගිය මෙම පොසිලය හමුවී තිබේ.
එම ප්‍රදේශයේ ඇති නිත්‍ය තුහින තට්ටු ක්‍රමයෙන් දියවී යාමත් සමගම මෙම මතුවීම සිදුව ඇත. වසර ගණනාවක් පුරා අයිස් තුළ තැම්පත්ව තිබීම නිසා එම සත්වයාගේ සිරුරේ බොහෝ ප්‍රමාණයක් අදටත් ආරක්ෂා වී ඇත.
*ඩොගොර්
පසුව මෙම පොසිලය ස්ටොක්හෝම් නුවර පාෂාණ ධාතු විද්‍යාඥයන්ගේ පරීක්ෂාවට ලක්ව ඇති අතර එහිදි සිදුකළ ඩී.එන්.ඒ. පරික්ෂාවකින් එම සත්වයා වාසය කල කාල සීමාව නිර්ණය කර ඇත. ඒ අනුව සුනඛයන් හා වෘකයන් අතර සබදතාව පිලිබඳව යම් අදහසක් මතු කරගන්නට මෙය අවස්ථාවක් වෙනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.
පිරිමි සත්වයෙකු වන මෙම බලු පැටවාගේ ලොම්, අස්ථි කොටස්, දත්, හිස ඇතුළු සිරුරේ කොටස් රැසක්ම ඉතාමත් හොදින් ආරක්ෂා වී ඇත. විද්‍යාඥයන් මෙම බලු පැටියා ඩොගොර්(Dogor) යනුවෙන් නම් කර ඇත. එහෙත් තවමත් මෙම සත්වයා බල්ලෙකුද එසේත් නැතිනම් වෘකයෙකුද යන්න මෙතෙක් පැහැදිලි වී නැතැයිද, එය තහවුරු කර ගැනීම සදහා ඉදිරි මාස කිහිපයේදී සිදුකරන ඩී.එන්.ඒ. පරීක්ෂණ නිසා හැකි වනු ඇතැයිද ඔවුහු පවසා සිටිති.
සටහන :- භානුක
උපුටා ගැනීම :- විජය පුවත් පත ( 40 වැනි කාණ්ඩය, 22 දෙවැනි පත්‍රය ) 27 පිටුව