Friday, 13 December 2019

වසර 18,000ක් පැරණි සුනඛ ෆොසිලයක් සයිබීරියාවෙන්...


      අදින් වසර 18,000කට පමණ පෙරාතුව මිහිමත වාසය කළ බවට සැලකෙන බලු පැටවකුගේ ෆොසිලයක් සයිබීරියාවෙන් හමුවී ඇතැයි පසුගියදා විදෙස් මාධ්‍ය හරහා අනාවරණය කෙරිණි. දැනට මාස 18කට පමණ පෙරාතුව සයිබීරියාවේ නැගෙනහිර පළාතේ ඈත කෙළවරට වන්නට අඩක් දිරා ගිය මෙම පොසිලය හමුවී තිබේ.
      එම ප්‍රදේශයේ ඇති නිත්‍ය තුහින තට්ටු ක්‍රමයෙන් දියවී යාමත් සමගම මෙම මතුවීම සිදුව ඇත. වසර ගණනාවක් පුරා අයිස් තුළ තැම්පත්ව තිබීම නිසා එම සත්වයාගේ සිරුරේ බොහෝ ප්‍රමාණයක් අදටත් ආරක්ෂා වී ඇත.

*ඩොගොර්


      පසුව මෙම පොසිලය ස්ටොක්හෝම් නුවර පාෂාණ ධාතු විද්‍යාඥයන්ගේ පරීක්ෂාවට ලක්ව ඇති අතර එහිදි සිදුකළ ඩී.එන්.ඒ. පරික්ෂාවකින් එම සත්වයා වාසය කල කාල සීමාව නිර්ණය කර ඇත. ඒ අනුව සුනඛයන් හා වෘකයන් අතර සබදතාව පිලිබඳව යම් අදහසක් මතු කරගන්නට මෙය අවස්ථාවක් වෙනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.
පිරිමි සත්වයෙකු වන මෙම බලු පැටවාගේ ලොම්, අස්ථි කොටස්, දත්, හිස ඇතුළු සිරුරේ කොටස් රැසක්ම ඉතාමත් හොදින් ආරක්ෂා වී ඇත. විද්‍යාඥයන් මෙම බලු පැටියා ඩොගොර්(Dogor) යනුවෙන් නම් කර ඇත. එහෙත් තවමත් මෙම සත්වයා බල්ලෙකුද එසේත් නැතිනම් වෘකයෙකුද යන්න මෙතෙක් පැහැදිලි වී නැතැයිද, එය තහවුරු කර ගැනීම සදහා ඉදිරි මාස කිහිපයේදී සිදුකරන ඩී.එන්.ඒ. පරීක්ෂණ නිසා හැකි වනු ඇතැයිද ඔවුහු පවසා සිටිති.




සටහන :- භානුක
උපුටා ගැනීම :- විජය පුවත් පත ( 40 වැනි කාණ්ඩය, 22 දෙවැනි පත්‍රය ) 27 පිටුව 

Saturday, 9 November 2019

රචකයා හදුනාගැනීම.


                   ආයුබෝවන් 🙏 - WELCOME

      * නම (NAME) :- සවනාවඩු දිනිත නවොද්. (SAWANAWADU DINITHA NAVOD.)

              පොඩිකාලේ ඉදන්ම ලොකු ආසාවක් තිබ්බා තනියෙන් වැඩක් පටන් ගන්න. දන්න දෙයක් තවකෙනෙක්ට කියලා දෙන්න.. ඒකට මම විවිධ ක්‍රම අත්හදා බැලුවා, ඒවලින් ගොඩක් ඒවා සාර්ථක වෙනවාට වඩා අසාර්ථක වීම පැත්තට හැරිලයි තිබ්බේ.. මම දැනට උසස්⁣පෙළ කලා විශය දාරාව හදාරණ ශිෂ්‍යයෙක්... පදිංචිය හික්කඩුව ප්‍රදේශයේය, කුඩා කල සිටම මගේ විදුමව වුනේ, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය. ( අපෝ ඇති නේද 😂, තව අහන්න කම්මැලී නේද, කොහොමත් මගේ විස්තර වැඩක් නෑ 😖 ) මම දන්නා සහ නොදන්නා දේවල් ගොඩක් තීනවා.. ඒවා බෙදා ගන්න තමයි මේ ප්‍රයත්නයත් දරන්නේ.. වැඩේ සාර්ථක වෙයි කියලා මම හිතනවා. ඉස්සරහට හොද වැඩ කිහිපයකින් සෙට් වෙමු... ජය වේවා !


                                                                                                             - බුදු සරණයි - 

    

FACEBOOK :- https://www.facebook.com/dinitha.navoddimiya